අලෝ කෝමද ඉතින් මම මේ කියන්න යන්නෙ 3D තාක්ෂණය එහෙමත් නැත්නම් 3D Technology එක කොහොමද වැඩ කරන්නෙ කියල
3D තාක්ෂණය ප්‍රධාන වශයෙන් කොටස් 4 කට බෙදන්න පුලුවන්
…
ඒව තමා
1.රතු/නිල් කණ්ණාඩි (Anaglyph)
2.ධ්‍රැවීය ත්‍රිමාණ කණ්ණාඩි (Polarized)
3.අසම්පාත බාධක ක්‍රමය (Parallax)
4.සක්‍රීය ද්වාර කණ්ණාඩි (Active Shutter)
දැන් බලමු මෙව වැඩ කරන්නෙ කොහොමද කියල
1.රතු/නිල් කණ්ණාඩි (Anaglyph)
මෙහිදී ඇස් දෙක සඳහා වෙන වෙනම රූපාවලී දෙකක් ප්‍රක්ශේපණය කරනු ලබයි.
මෙම වෙනස් රූපාවලි දෙකෙහි දෘෂ්ඨිකෝණය එකිනෙකට මදක් වෙනස් වන ලෙස සැකසී තිබේ.
ඇසෙහි පළඳින වර්ණ දෙකෙහි විශේෂ කණ්ණාඩිය මගින් එක් එක් ඇස සඳහා වර්ණ පෙරීමකට ලක්කරන අතර මේ විශේෂ උපාය නිසා එක් එක් ඇස වෙත ලැබෙන රූප රාමු තරමක් වෙනස් වේ
![]() |
ඇසෙහි පළඳින වර්ණ දෙකේ කණ්ණාඩිය වර්ණ පෙරීමකට ලක් කරයි. |
2.ධ්‍රැවීය ත්‍රිමාණ කණ්ණාඩි
පෙර දැක්වූ ආකාරයෙන්ම රූපාවලී දෙකක් සම-මුහුර්තීය ආකාරයට එකම තිරයකට ප්‍රක්ෂේපනය කරනු ලබයි.
…මෙම රූපාවලී දෙක සඳහා වන දෘෂ්ටිකෝණ හා ධ්‍රැවීයකරණය වෙනස් ආකරයට සැක්සී තිබේ.
ඩ්‍රැවීය ත්‍රිමණ කණ්ණාඩි මගින් ඉහත රූපවලී දෙකෙන් එකක් පමණක් පෙරා එක් ඇසකට ලබාදීම සිදුකරයි. (පහත රූපයෙන් ඒ බව වෙයි.)
පෙර පරිදිම ඔබේ මොළයෙ දෘෂ්‍ය කොටස මගින් මෙම රූපරාමු දෙක එක්කොට සකසා ත්‍රිමාණ දසුනක් පෙන්වයි.
3.අසම්පාතක බාධක ක්‍රමය
වෙනත් දෘෂ්ටිකෝණ සහිත රූපාවලී දෙකක් අතුරු වියු (interlaced) ආකාරයට එකම මොහොතකදී තිරයක් මතට ගැනේ.
අසම්පාතක බාධකය ලෙස හඳුන්වන සූක්ෂම දික් සිදුරු ආකාරයේ විශේෂ ෆිල්ටර් උපක්‍රමයක් මගින් එක් එක් ඇස සඳහා වෙනස් දෘෂ්‍ය කෝණ සහිත pixel පමණක් පෙනෙන්නට සලස්වයි.
![]() |
විශාල කර බැලීම සඳහා පින්තූරය උඩ click කරන්න |
4.සක්‍රීය ද්වාර කණ්ණාඩි
වෙනස් දෘෂ්ටි කෝණ සහිත රූපාවලි දෙකක් එකකට පසු එකක් ලෙසින් තිරය මත දර්ශණය වේ.
…
…කණ්ණාඩිය වෙත එවනු ලබන සංඥා මගින් එක් එක් රූපරාමුව දර්ශණය වන විට ඊට ප්‍රතිවිරුද්ධ ඇසෙහි කාචය අඳුරුකර දර්ශණය අවහිර කරයි.
තප්පරයක් තුල බොහෝ වාර ගණනක් මාරුවෙන් මාරුවට ඉහත අන්දමින් දෘෂිටිකෝණ වෙනස් වන මුත් මොළය විසින් එය අඛණ්ඩ එක් රූපාවලියක් ලෙස හඳුනාගෙන ත්‍රිමාණ දසුනක් ලෙස පෙන්වයි.
(පහත රූපය තුලින් එය පැහැදිලිව තේරුම් ගන්න පුලුවන්)
![]() |
මේක හරියට පේන්නෑ උඩ click කරල බලන්න |
ඔන්න ඕක තමා ත්‍රිමාණ තාක්ෂණය කියන්නෙ.
Post එකට කමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා හොඳේ