Wednesday, August 15, 2012

Normal පින්තූරයක් හරි වීඩියෝවක් හරි 3D විදියට බලමුද



කාලෙකට පස්සෙ හිතුන අලුත් දෙයක් කියන්න 
මන් මේ කියන්න යන්නෙ Normal පින්තූරයක් හරි වීඩියෝ එකක් හරි 3D විදියට බලන හැටි ගැන මේක කරන්න හරි ලේසියි කරන්න තියෙන්නෙ software එකක් බාගෙන install කරල මන් කියල තියන විදියට කරන එක දැන් බලමු මේක කොහොමද කරන්නෙ කියල
මුලින්ම ඔය blog එකේ අන්තිමට දීල තියන software දෙක බා ගන්නකො ඊට පස්සෙ ස්ථාපනය කර ගන්න ඒ කියන්නෙ install කරගන්න

3D පින්තූරයක් හදා ගන්න

1. දැන් ඔය install කරපු 3D Photo Maker කියන එක දාපු තැනකින් හොයාගෙන open කරගන්න
2. ඊට පස්සෙ එයි ඔය පහල තියන එක වගෙ එකක්

Free 3D Photo Maker Window

3. දැන් කරන්න තියෙන්නෙ 3D කරන්න ඔන පින්තූරෙ Open Left Image කියන එකයි Open Right Image කියන එකයි උඩ කොටල ඕන පින්තූරෙ දෙන්න
4. ඔය උඩ තියෙන්නෙ ඒ button දෙක, ඊට පස්සෙ ඔය 3D Photo Maker එකේ උඩ තියන කොටු දෙකේ ඒ පින්තූර දෙක වැටෙයි ඔය යට තියන එක වගේ
5. දැන් ඔය Algorithm කියල තියන එක උඩ කොටල එන Drop down menu එකෙන් Color (red-cyan) anaglyph කියන එක තෝරන්න
6. දැන් ඉතින් හරි අන්තිමට ඔය Make 3D කියන එක උඩ කොටන්න

වැදගත් : මේව බලන්න 3D කන්නාඩි ඕන ඒව හදන හැටි බලන්න මෙතන කොටන්න ඔය යට කියල තියන video හදල ඒව බලන්නත් 3D කන්නාඩි ඕනෙ

3D විඩියෝ හදන්න

1. දැන් ඔය බාපු 3D video maker කියන එක හොයාගෙන ඇරගන්නකො
2.පස්සෙ ඔය ඉස්සෙල්ල එකේ වගේම Video එක Left එකටයි Right එකටයි දාගන්න (මේකට දාන්න පුලුවන් AVI file විතරයි )
3.දාගෙන ඉස්සෙල්ල වගේම Algorithm එක Color Red Cyan කියන එකට දාන්න
4.දැන් make 3D කියන එක උඩ කොටන්න දැන් වැඩේ ඉවරයි

OPEN කරගෙන Play කරල බලන්නකො(මේක windows media player එකේ play වෙන්නෑ)

මෙන්න Software Download Link ටික

1. 3D Photo Maker - DOWNLOAD
2. 3D Video Maker  - DOWNLOAD

මේක හොදනම් comment කරන්න නරකනන් ඒත් කරන්න

1 comment: